
ඔන්න අද මං ඔයාලට ගෙනවා
පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේකේ නම තමා Fast duplicate file Finder. මේ සොෆ්ට්වෙයාර් කෑල්ලෙන් වෙන්නේ අපේ Computer එකේ තියෙන Duplicate files සොයා දීමයි. පසුව අපට එම duplicate files අනවශ්‍ය ඒවා නම් එම
ෆයිල්ස් අපට මෙම සොෆ්ට්වෙයාර් එකෙන්ම Delete
කරලා දාන්න පුලුවන්.
කොහොම ද වැඩේ..
එහෙනම් මේ සොෆ්ට්වෙයාර්
කෑල්ල මෙතනින් බා ගන්නනකෝ.
1.88 MB
මේ සොෆ්ට්වෙයාර් කෑල්ලේ
තියෙන වාසිය තමා අපි duplicate
files සෙමීමේදී මෙය මගින් එම duplicate files වල සමානකම් සලකා බලන විටදී එහි File Name, File Size, Folder, Date/Time,
Similarity, Group යන කරුණු සලකා බලා duplicate files හදුනා ගනී. මෙලෙස හදුනාගැනීම තුළින් එම file එක duplicate එකක් ම වීමේ සම්භාවිතාව වැඩිය. එය වාසිකි. නමුත් ඔයාලට
අවශ්‍ය නම් එම සැකසුම් ඔබට අවශ්‍ය පරිදි
සකසා ගන්නද පුලුවන්. ඒ සදහා Options
>> Columns වෙත පිවිසෙන්න. එවිට පහත
පරිදි වින්ඩෝවක් පැමිණේවි.
ඉන්පසු ඔබ කළ යුත්තේ Scan කිරීමට අවශ්‍ය files, තෝරා දීමයි. ඒ සදහා
දකුණු පස ඇති Add folders නැමති ස්ථානය ක්ලික්
කරන්න. ඉන්පසු පහත පරිදි වින්ඩෝවක් පැමිණේවි. එහි අවශ්‍ය ෆයිල්ස් තෝරා OK කරන්න. මෙහිදී ෆයිල්ස් Select
වූවා යැයි පෙන්වීම සදහා
කතිර සලකුණක් වැටේ.
ඔබ සියලුම සැකසුම්
සකස් කළ පසු duplicate files සෙවීම ඇරබීම සදහා Start Scan ක්ලික් කරන්න.
Scan වී අවසන් වූ පසු
පරිගණකයේ තිබෙන duplicate files පෙන්නුම් කරයි. මෙහිදී
හරි සලකුණු වැටී ඇත්තේ delete කිරීම සදහා උචිත වූ ෆයිල්ස්
ය. ඔබට අවශ්‍ය ෆයිල්ස් තේරී ඇති නම් එම ෆයිල් එක ඉදිරීයේ ඇති හරි සලකුණ ඉවත්
කරන්න. මෙහි දී ඔයාලා මෙම සියලුම ෆයිල්ස් ඔබ විසින් check කර බැලීම නුවණට හුරුය.
පසුව එම ෆයිල්ස් Delete
Check files නැමැති ස්ථානයෙන්
සහමුලින්ම හෝ Recycle bin එක වෙත delete කර ගත හැක. නැතහොත් මෙම duplicate files ටික වෙනත් folder එකකට Move
කර ගන්නද පුලුවන්.
| Like Us..*||Ṫḩiwanka Ṉimesh'ş ẞᶘớǵ||* |
ela machan aaaaaaaa
ReplyDelete:D
Delete